කෝටියකට ආසන්න වල්ලාපට්ටා තොගයක් රජයට

Saturday, 04 April 2015 - 15:52

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7
රුපියල් ලක්ෂ 96 ක් වටිනා වල්ලාපට්ටා තොගයක් නීතිවිරෝධීව ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කළ සැකකරුවෙකු ගුවන් තොටුපළ රේගු නිලධාරීන් අද (04) අලූයම කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත්තා. වල්ලාපට්ටා ශාක කොටස් කැබලි කර සූක්ෂම ලෙස සිය ගමන් මල්ලේ අසුරා ගුවන් තොටුපලෙන් රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගුවට ලැබුණු තොරතුරක් මත පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමීණි සඳහන් කළේ අත්අඩංගුවට ගත් වල්ලාපට්ටා තොගයේ බර කිලෝග්‍රෑම්   19 යි ග්‍රෑම් 290 ක් වන බවයි. වල්ලාපට්ටා තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories