රාජිතට මහින්ද භීතිකාවක් - මන්ත්‍රි විදුරගෙන් චෝදනා

Saturday, 04 April 2015 - 20:01

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B7%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයාට මහින්ද භීතිකාවක් වැළඳී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා. හොරණ අද (04) පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ කැබිනට් ප්‍රකාශකවරයා අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමඟ යවන බවයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව දුර්වල කිරීමටද කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවට මන්ත්‍රිවරයා දැඩිව චෝදනා කළා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක චෝදනා කළේ අමාත්‍ය රාජිත සේනාරත්න දිගින් දිගටම මඩ ප්‍රචාර පතුරුවා හරිමින් සිටින බවයි. ඔහු සිදුකරන බොරු ප්‍රචාරයන් නැවැත්වීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක හොරණ ප්‍රදේශයේ පැවති  රැස්වීමේදී වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories