මංතීරු නීතිය හෙට සිට අකුරට

Sunday, 05 April 2015 - 12:53

%E0%B6%B8%E0%B6%82%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7++%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7
කොළඹ මාර්ග කිහිපයක වාහන නියමිත මං තීරුවේ පමණක් ගමන් කරවීමේ නීතිය හෙට සිට අකුරට ක්‍රියාත්මක කිරීම අත්හදා බලන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. ඔහු කියා සිටියේ ඒ අනුව හෙට (06)උදෑසන 7.30 සිට ලබන  10 වැනිදා පස්වරුව දක්වා  වැඩසටහන ක්‍රියාත්මක බවයි.  මොරටුව සිට ගාලූ පාරේ, ගාලූ මුවදොර එන්.එස්.ඒ. වටරවුම දක්වා, කොල්ලූපිටියේ සිට බම්බලපිටිය දක්වා ඩුප්ලිකේෂන් පාර, බොරැල්ල සේනානායක හන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර පාරේ පොල්දූව දක්වා, පෑලියගොඩ සිට නුවරපාරේ කිරිබත්ගොඩ දක්වා සහ පෑලියගොඩ සිට මීගමුව පාරේ වත්තල දක්වා  මංතීරු නීතිය ක්‍රියාත්මක වනු ඇති. මෙම මාර්ගවල ගමන් කරන රියදුරන් තමන්ට අදාළ මංතීරුවේ පමණක් ගමන් කිරීම අවශ්‍ය වන අතර නොසැලකිලිමත් ආකාරයෙන් වාහන ධාවනය  සම්පූර්ණයෙන් තහනම් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories