හිටපු ඇමති පී. දයාරත්නට එජාප වේදිකාවේදී සද්දයක් දමයි

Sunday, 05 April 2015 - 19:16

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%93.+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
අම්පාර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම සමුළුවට නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා. පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දයාරත්න ද මෙම සමුළුවට එක්ව සිටීම විශේෂත්වයක්. එහිදී ඔහු අදහස් දැක්වීමත් සමඟ සභාවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් මන්ත්‍රීවරයාගේ කතාවට බාධා එල්ල කළා. එහෙත් එම බාධා නොතකමින් ඔහු සිය කතාව ඉදිරියටත් සිදුකරගෙන ගියා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ පැමිණ උණුසුම් වූ සභාව සන්සුන් කරනු ලැබුවා.

නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ලෙස මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු කරන පී. දයාරත්න මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීමට තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories