Update : මරා දැමු කොටකෙතන කාන්තාවගේ නළලේ සහ හිස පිටුපස කැපුම් තුවාල

Sunday, 05 April 2015 - 19:22

Update+%3A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%85%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ නලළේ සහ හිස පිටුපස කැපුම් තුවාල දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා. දින එකහමාරක් තිස්සේ අතුරුදන්ව සිටි එම කාන්තාවගේ මළ සිරුර ඇගේ නිවස අසළ පිහිටි කොටකෙතන ඇළෙන් ඊයේ පස්වරුවේ සොයා ගැනුණා. නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ඇගේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ එය කොට්ටම්බා ගසක මුල් අතර සිර කර තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මළ සිරුර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (06) පැවැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැන් රත්නපුර රෝහලට රැගෙන විත් තිබෙනවා. මරණයට නිශ්චිත හේතුව අද මරණ පරීක්ෂණයේදී අනාවරණ වනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.

මේ අතර, ඊයේ උදෑසන පානදුර දකුණ - බෙත්ගම ප්‍රදේශයේ සිය නිවසේ ඇඳක් මත නිදා සිටියදී ගෙළ කපා ඝාතනය කෙරුණු බණ්ඩාරගම පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ මරණ පරීක්ෂණය ද ඊයේ සිදුකර තිබෙනවා.

Update : Monday, 06 April 2015 - 19.00
.................................................................................................................................................................

කොටකෙතනින් අතුරුදන් වූ කාන්තාවගේ මළ සිරුර ඇළකින් හමුවේ

දින එකහමාරක් තිස්සේ අතුරුදන්ව සිටි කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ කාන්තාවගේ මළ සිරුර ඇගේ නිවස අසළ පිහිටි කොටකෙතන ඇළෙන් අද (06) පස්වරුවේ සොයා ගැනුණා. නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ඇගේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ එය කොට්ටම්බා ගසක මුල් අතර සිර කර තිබූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඊයේ අලූයම සිට මෙලෙස අතුරුදන්ව සිටියේ 39 හැවිරිදි චාන්දනී ස්වර්ණලතා නැමති තිදරු මවක්. සිය 12 හැවිරිදි බාල පුත්‍රයා සමඟ ඇය පෙරේදා රාත්‍රියේ නිවසේ සිට ඇති අතර, ඇගේ සැමියා නිවස අසළ පිහිටි අවමංගල්‍ය උත්සවයට සහභාගි වී නැවත නිවසට පැමිණ ඇත්තේ ඊයේ අලූයම 2ට පමණයි. ඔහු නිවසට පැමිණ සිය බිරිඳ පිළිබඳව විපරම් කළත්, අදාළ කාන්තාව නිවසේ සිට නැහැ. ඇය නිදා සිටි කාමරයේ සහ මුළුතැන්ගෙයි ද ලේ පැල්ලම් දැක තිබෙනවා. ඉන් අනතුරුවයි මිය ගිය කාන්තාවගේ සැමියා මේ පිළිබදව කහවත්ත පොලීසියට පැමිණිලි කරනු ලැබුවේ.

ඊයේ සිටම මෙම කාන්තාව සොයා කහවත්ත පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව පරීක්ෂණ සිදුකළා. ඊට පොලීසිය රොකී නැමති පොලිස් සුනඛයාගේ සහාය ද ලබා ගත්තා.

කහවත්ත - කොටකෙතන ප්‍රදේශය 2008 වසරේ සිට සමාජයේ කතාබහට ලක්වුණේ කාන්තාවන් ඝාතනයට ලක්වීමේ සිද්ධීන් හේතුවෙන්. මේ වන විට එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති එවැනි ඝාතන සංඛ්‍යාව 17ක්. මෙලෙස ඝාතන වාර්තා වීම නිසා පොලීසිය කොටකෙතන ප්‍රදේශයේ පොලිස් මුරපළක් ද ස්ථාපිත කළා. ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවසේ සිට එම පොලිස් මුරපළ වෙත ඇත්තේ මීටර් 750ක දුරක්. කෙසේ වෙතත්, මෙම ඝාතන සිද්ධිය පිළිබද කහවත්ත පොලීසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ද පරීක්ෂණ සිදුකරනවා. අද පස්වරුව වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ඒ පිළිබදව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් සදහන් කළේ.

2012 වසරේ ජුලි මස 19 වන දා කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ මවක් සහ දියණියක් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබදව නඩුවේ තීන්දුව ලබන මස 7 වන දා කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි. ඒ පිළිබදව චෝදනා ලැබ සිටින්නේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් තුන්දෙනෙක්.



Update : Monday, 06 April 2015 - 07:28 PM
----------------------------------------------

රත්නපුර - කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී අතුරුදන් වූ කාන්තාවගේ බවට සැක කෙරෙන මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා. ඇය පදිංචිව සිටි නිවස ඉදිරිපිට ඇළක තිබියදීයි මෙම මළ සිරුර මීට සුළු මොහොතකට පෙර හමුවී ඇත්තේ. කෙසේ වුවත් මළ සිරුර හඳුනා ගත නොහැකි අයුරින් විරූපී වී ඇති බව වාර්තා වනවා.  මෙලෙස අතුරුදන්ව සිටියේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තුන්දරු මවක්. ඇයගේ සැමියා කහවත්ත පොලීසියට ඊයේ අලූයම 1 යි 45 ට පමණ පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබුණේ තමන් අසල්වැසි නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී අලූයම නිවසට පැමිණෙන විට සිය බිරිඳ නිවසේ නොසිටි බවටයි.

Update : Monday, 06 April 2015 - 02:58 PM
----------------------------------------------
කොටකෙතන කාන්තාව සෙවීමට STF සහ Navy

රත්නපුර - කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී අතුරුදන් වූ කාන්තාව සෙවීමේ මෙහෙයුම්වලට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ සහයද ලබාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අතුරුදන්වූ කාන්තාව සෙවීමේ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත් අතුරුදන්වූ කාන්තාව පිළිබඳ මේ වනතුරුත් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නැහැ.

මෙලෙස අතුරුදන්ව සිටින්නේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තුන්දරු මවක්. ඇයගේ සැමියා කහවත්ත පොලීසියට ඊයේ (05) අලූයම 1 යි 45 ට පමණ පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබුණේ තමන් අසල්වැසි නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී අලූයම නිවසට පැමිණෙන විට සිය බිරිඳ නිවසේ නොසිටි බවටයි. 12 හැවිරිදි පුත්‍රයා ද එදින රාත්‍රියේ මව සමඟ නිවසෙහි සිට ඇති බව ද වාර්තා වනවා. පසුව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී නිවසෙහි ස්ථාන දෙකක තිබී ලේ පැල්ලම් නිරීක්ෂණය කළා.  

කහවත්ත - කොටකෙතන ප්‍රදේශය පිළිබද සමාජය තුළ දැඩි කතාබහක් මතුවන්නේ එම ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලය තුළ වාර්තා වුණු ඝාතන රැල්ලක් සමගයි.  2008 වසරේ ජුලි මස 21 වන දා  ඕපාතවත්තේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියත්  සමඟ කොටකෙතන ප්‍රදේශයෙන් මේ වන විට වාර්තා වී ඇති කාන්තා ඝාතන සංඛ්‍යාව 17ක්.

Update : Monday, 06 April 2015 - 8:10
----------------------------------------------
කොටකෙතනින් යළිත් අභිරහසක්

රත්නපුර - කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී අතුරුදන් වී ඇති කාන්තාව සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අතුරුදන් වූ කාන්තාව සොයා මේ වනවිටත් ප්‍රදේශය පුරා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තුන්දරු මවක්. ඇයගේ සැමියා කහවත්ත පොලීසියට අද (05) අලූයම 1 යි 45 ට පමණ පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇත්තේ තමන් අසල්වැසි නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී අලූයම නිවසට පැමිණෙන විට සිය බිරිඳ නිවසේ නොමැති බවටයි. 12 හැවිරිදි පුත්‍රයා ද එදින රාත්‍රියේ මව සමඟ නිවසෙහි සිට ඇති බව ද වාර්තා වනවා. පසුව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ නිවසෙහි ස්ථාන දෙකක ලේ පැල්ලම් කිහිපයක් ද දක්නට ලැබෙන බවයි. අතුරුදන් කාන්තාව සෙවීමේ මෙහෙයුම් සඳහා ප්‍රදේශවාසීන් ද එක්වී සිටින බව අප වාර්තාකරු සදහන් කළා.

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පසුගිය කාලයේද කාන්තා ඝාතන කිහිපයක් වාර්තාවුණා. 2008 වසරේ ජුලි මස 21 වන දා  ඕපාතවත්තේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමත් සමඟ කොටකෙතන ප්‍රදේශයේ මේ වන විට කාන්තාවන් 17 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories