අනතුරකින් ජිවිත 3ක් විනාශ වේ

Monday, 06 April 2015 - 8:39

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%9A
පුත්තලම - මුන්දලම - පුලිච්චාකුලම ප්‍රදේශයේදී අද අලූයම ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය අය අතර කුඩා දරුවෙක්, කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියදුරුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙම ත්‍රිරෝද රථයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අනෙක් දෙදෙනා මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories