අධ්‍යාපනය වෙනසකට භාජනය වෙලා

Tuesday, 07 April 2015 - 13:43

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
අධ්‍යාපනය යන සංකල්පය සහ ක්‍රියාවලිය, අද දැවැන්ත වෙනසකට භාජනය වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. පාසලක් සම්පූර්ණ වන්නේ ගොඩනැගිලිවලින් පමණක් නොවේ. ඒ සඳහා නව තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගත යුතු බවයි කොළඹ රාජකීය විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට අද (07) උදෑසන එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

‘‘පාසලක උපරිම ළමයින් සංඛ්‍යාව 8500 නොඉක්ම විය යුතුයි. එමෙන්ම පන්ති කාමරයක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 30ත්, 35ත් අතර පවත්වා ගැනීමට අප කටයුතු කරනවා. ඉදිරි වසර කිහිපය තුළ කිසිදු පාසලක පන්ති කාමරයක ළමයින් සංඛ්‍යාව 35 නොඉක්ම විය යුතු බවට වග බලා ගත යුතුයි. ඇත්තෙන්ම යුරෝපයේ රටවල්වල පන්ති කාමරයක ළමයින් සංඛ්‍යාව දැන් 25ක් දක්වා අඩු කරලා. අප පාසලක ගොඩනැගිලි ගැන මෙන්ම අවධානය යොමු කළ යුතු කරුණක් තිබෙනවා. ඒ, අධ්‍යාපනයේ විශාල වෙනසක් අද ඇති වී තිබෙන බව. තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගැනීම අද සැබවින්ම අවශ්‍යතාවක්.’’

ගොඩනැගිලි මෙන්ම පරිගණක තාක්ෂණය, විද්‍යාගාර සහ පුස්තකාල පහසුකම්වලින් පාසලක් සම්පූර්ණ වන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. රාජකීය විද්‍යාලයේ නව ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ අඩසිය වසරකට පෙර තමා උගත් පන්ති කාමර ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයේ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories