ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

Wednesday, 08 April 2015 - 8:08

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
භාණ්ඩාගාර බැඳුම්කර මගින් රුපියල් බිලියන 400 ක් ලබාගැනීම සඳහා වන යෝජනාව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ ප්‍රධානත්වයෙන්. එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගීතාංජන ගුණවර්ධන, මනූෂ නානායක්කාර, සරත් කුමාර ගුණරත්න, ජානක වක්කුඹුර, ශ්‍රීයානි විජේවික්‍රරම සහ වයි.ජී. පද්මසිරි එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ මෙවැනි අවස්ථාවක සාම්ප්‍රදායිකව සිදුකළ යුත්තේ බලයේ සිටින ආණ්ඩුව ඉල්ලා අස්වීම බවයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍ය ධුර ලබාගත් පිරිස මෙහිදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශ කළ විමසීමකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ ආණ්ඩු පක්ෂය එල්ල කරන චෝදනා වැරදි බවයි.

යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ණය අර්බුදයක සිරවී සිටින ආණ්ඩුව තවත් ණය ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රයත්නයට තම පක්ෂය විරුද්ධ වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories