අල්ලස් කොමිසම ගැන අල්ලස් කොමිසමටම පැමිණිලි

Wednesday, 08 April 2015 - 13:02

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට සිය ධුරයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බව පවසමින් රාවණා බලය සංවිධානය අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසමට ලිපියක් භාර දුන්නා. එමඟින් පෙන්වා දී ඇත්තේ රාජ්‍ය සේවයේ අයථා වැටුප් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවයි. එම තත්ත්වය මත ඇයට ධුරයේ කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි රාවණා බලය සංවිධානය ලිපිය මගින් දක්වා ඇත්තේ. මීට අමතරව අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිල්ල ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව අදාළ ලිපිය ඔස්සේ අල්ලස් කොමිසමේ අවධානයට යොමුකළ බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එම කොමිසමේ සභාපතිවරයාට පසුගිය අප්‍රේල් 01 වැනිදා පැමිණිල්ලක් භාර දුන්නා. එමඟින් දක්වා තිබුණේ 2003 - 2008 කාල වකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී අල්ලස් කොමිසමේ නව අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරියක් ලෙසද දීමනාවක් ලබාගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories