Update: 19ය ව්‍යවස්ථාවට අනුකූලයි -ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Thursday, 09 April 2015 - 8:22

Update%3A+19%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක චමල් රාජපක්ෂ අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා මෙහිදී කියා සිටියා.  එම සංශෝධනයේ ඇතැම් වගන්ති තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතු බවටත් ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා සභාවට දැනුම් දුන්නා. එහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු වගන්ති එම සංශෝධනයෙන් ඉවත් කොට තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතු වගන්තිවලට පමණක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සීමා කරන බවයි. මේ අතර මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ අද පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදියි.


Update : Thursday, 09 April 2015 - 13:42
-------------------------------------------------
19 ගැන පක්ෂ නායක රැස්වීම ඇරඹේ
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය පාර්ලිමේන්තුව තුළ අද (09) දිනයේදී පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. උදෑසන 10 ට පමණ සියලූම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වූයේ කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට 19 වන සංශෝධනය සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා අද සහ හෙට  වෙන් කර තිබෙනවා. මීට  පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා දැනුම්දුන්නේ ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමාට ලැබෙනු ඇති බවයි.

යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය මාර්තු 24 වැනිදායි. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා. ඉන් පෙත්සම් 5ක් මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත්ව තිබූ අතර, පෙත්සම් 14ක් ඉදිරිපත්ව තිබුණේ පනත් කෙටුම්පතට විරුද්ධවයි. අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, චන්ද්‍රා  ඒකනායක සහ ප්‍රියසාද් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ පෙත්සම් විභාගය ආරම්භ කෙරුණේ පසුගිය බදාදායි.

කෙසේ වෙතත් මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත මෙතෙක් ලබාදී නොමැති බවයි.

Update : Thursday, 09 April 2015 - 12:32
-------------------------------------------------
19 ගැන විවාද කරනවාද නැද්ද?


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය පාර්ලිමේන්තුව තුළ අද (09) දිනයේදී පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද උදෑසන කැඳවා තිබෙනවා.  පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අද උදෑසන 10 ට පමණ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. එහිදී  මේ පිළිබඳව අවසන් තීන්දුවකට එළඹෙනු ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් විභාගය පසුගිය පස්වැනිදා අවසන් කෙරුණා. ඒ අනුව ඊට අදාළ තීන්දුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවයි අගවිනිසුරු කේ.  ශ්‍රීපවන් ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේ.

යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය මාර්තු 24 වැනිදායි. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා. ඉන් පෙත්සම් 5ක් පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත්ව තිබූ අතර, පෙත්සම් 14ක් ඉදිරිපත්ව තිබුණේ පනත් කෙටුම්පතට විරුද්ධවයි. අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, චන්ද්‍රා ඒකනායක සහ ප්‍රියසාද් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ  පෙත්සම් විභාගය ආරම්භ කෙරුණේ පසුගිය බදාදායි.

මේ අතර, අද සහ හෙට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.  

කෙසේ වෙතත් මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ 19 වන ව්‍යවස්ථා  සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත මෙතෙක් ලබාදී නොමැති බවයි.

මීට පෙර පළවූ පුවත සම්පුර්ණයෙන්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories