Update: යේමනයේ සිරවී ඇත්නම් දන්වන්න - ඥාතීන්ට උපදෙස්

Thursday, 09 April 2015 - 8:36

Update%3A+%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
යේමනයේ යුද ගැටුම්වලට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසට ඔවුන්ගේ ඥාතීන්ගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කරනවා.

තොරතුරු දැනුම්දිය හැකි අංක
0115 83 94 14
0112 32 30 15

මේ අතර යේමනයේ ගැටුම්වලට මැදිව සිටි තවත් ශ්‍රී  ලාංකිකයන් 16 දෙනෙකු හෙට (10) දිවයිනට පැමිණීමට නියමිත බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය කියා සිටියා.

මේ වනවිට යුද ගැටුම්වලට මැදිව සිටි ශ්‍රී ලාංකිකයින් හතලිස් දෙදෙනෙකු මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා. පසුගියදා මෙලෙස යේමනයේ යුද ගැටුම්වලට මැදිවූ 43 දෙනෙකු යේමනයේ හොදෙයිදා වරායේ සිට චීන නෞකාවක් මගින් ජිබුටි රාජ්‍යය වෙත රැගෙන ආවා. එම පිරිසෙන් 29 දෙනෙකු ඊයේ රාත්‍රියේ කටාර් ඔස්සේ දිවයිනට ගෙන්වා ගැනීමටයි විදේශ අමාත්‍යාංශය සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කළේ.

Update : Thursday, 09 April 2015 - 12:32
-------------------------------------------------
සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 29 ක් බේරා ගනියි

යේමනයේ ගැටුම්වලට මැදිව සිටි ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණියා. ශ්‍රී ලාංකික පිරිස රැගත් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ රාත්‍රී 8.25 ට පමණ දිවයිනට පැමිණියා. අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස යේමනයේ සිට පළමුව පැමිණ තිබුණේ ඊට ආසන්න ජිබුටි රාජ්‍ය වෙතයි. යේමනයේ සිට දිවයිනට පැමිණි  29 දෙනා අතරට කාන්තාවන් තිදෙනෙකුද අයත්. ඔවුන් අතර ශ්‍රී ලාංකිකයෙකුගේ යේමන් ජාතික බිරිඳ ද වනවා. ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල ඇතුළු  පිරිසක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.  මේ වනවිට එරට ගැටුම්වලට මැදිවී සිටි ශ්‍රී ලාංකිකයින් 83 දෙනා අතරින් 54 දෙනෙකු මුදවාගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය  සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories