ටී.එන්.ඒ. පිළි නොගන්නැයි මැතිවරණ කොමසාරිස් වෙත ඉල්ලීමක්

Thursday, 09 April 2015 - 13:41

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දෙමළ ජාතික සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළි නොගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.  

‘‘දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස පිළිගන්න එපා කියලා මම මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. දෙමළ ජාතික සන්ධානය නිර්මාණය වුණේ එක්සත් දෙමළ විමුක්ති පෙරමුණ විදිහට. ඒ කාලේ පක්ෂ 4 ක් එකතුවෙලා තමයි දෙමළ ජාතික සන්ධානය හැදුවේ. නමුත් 2003 වසරේදී නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කළා. එම ප්‍රතිසංවිධානයත් සමග එක්සත් දෙමළ විමුක්ති පෙරමුණ පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. ඒ වෙනුවට තමයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂය දායක කරගත්තේ. ඉතින් අද වනවිට දෙමළ ජාතික සන්ධානය තුළ ගැටළු තිබෙනවා. ඒක නිසා තමයි මම මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේ පක්ෂය ලියාපදිංචි කරන්න එපා කියලා.’’

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙවැනි ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට තම පක්ෂය සූදානම් නොමැති බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories