Update : පළමුවත් වෙඩි... - දෙවනුවත් වෙඩි .... තෙවනුව?

Thursday, 09 April 2015 - 18:56

Update+%3A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92...+-+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+....+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%94%E0%B7%80%3F
වෙඩි වැදී රෝහල් ගත කෙරුණු පුද්ගලයෙකු ට හම්බන්තොට රෝහලේදී කිසියම් අයෙක් යළිත් සිදුකළ වෙඩි තැබීමකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නිට්ටඹුව පස්යාලේ පදිංචිව සිටි  පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු ඊයේ (09) පෙරවරුවේ තිස්සමහාරාම අධිකරණයේ නඩුවකට සහභාගිවීමට යන අතරතුර පළමුව වෙඩි ප්‍රහාරයකට ලක්ව දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ පස්වරුවේ හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇති අතර, එහි 04 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී නැවතත් කිසියම් පුද්ගලයෙකු පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.



Update : Friday, 10 April 2015 - 7:57
------------------------------------------------------
රෝහලේදිම ලෙඩෙකුට කල්ලියක් ඇවිත් වෙඩි තියයි

වෙඩි වැදී රෝහල් ගත කෙරුණු පුද්ගලයෙකු හම්බන්තොට රෝහලේදී යළිත් සිදුකළ වෙඩි තැබීමකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (09) පෙරවරුවේ තිස්සමහාරාම අධිකරණයේ නඩුවකට සහභාගිවීමට යන අතරතුර පළමුව වෙඩි ප්‍රහාරයකට ලක්වූ මෙම පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අද පස්වරුවේ හම්බන්තොට රෝහලට මාරු කර යවා තිබෙනවා. එහි 04 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී නැවතත් කිසියම් පුද්ගලයෙකු පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories