නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණයක් ගනියි

Friday, 10 April 2015 - 19:13

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
19 වන ව්‍යවස්ථා සංශෝධනයට මැතිවරණ ක්‍රම සංශෝධන යෝජනා ද ඇතුළත් විය යුතු බවට අද (10) පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එකඟත්වයකට පැමිණියා. එය පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි. එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ 19 වන සංශෝධනයට ඡන්දය ලබාදීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර, කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මැතිවරණ ක්‍රම සංශෝධනය සිදුකිරීමට අවම වශයෙන් වසරක කාලයක්වත් අවශ්‍ය බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories