කොළඹට විශේෂ ආරක්ෂාවක්

Saturday, 11 April 2015 - 8:15

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම වැඩපිළිවෙළට අනුව ප්‍රධාන ලෙස බස්නාහිර පළාත තුළ අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. කොළඹ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ නගර ආශ්‍රීත තදබදය අවම කිරීමට විශේෂ රථවාහන වැඩසටහනක් ද ක්‍රියාත්මක බවයි.

එමෙන්ම හෙට සිට 20 වන දා දක්වා බස්නාහිර පළාතේ රාත්‍රී කාලයේ බීමත්ව රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් විශේෂ වැටලීමක් ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, උත්සව සමයේ කල් ඉකුත් වූ ආහාර අලෙවි කරන වෙළඳසැල් පිළිබඳව තමන් වෙත දැනුම් දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති රූමි මර්ෂුක් කියා සිටියේ එවැනි ආහාර අලෙවි කරන ස්ථාන ඇතොත් 077 10 88 922 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories