මවගේ අවසරයෙන් දියණියගේ ජීවිතය තිදෙනෙකු විනාශ කරලා

Saturday, 11 April 2015 - 11:48

%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
බටහිර බෙංගාලයේ ජල්පයිගූරි ප්‍රදේශයේ වයස අවුරුදු 16ක දැරියක් සිය පියා, සහෝදරයා සහ මාමා විසින් දූෂණය කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වසර දෙකක් තිස්සේ මෙම දැරිය ඔවුන් තිදෙනා විසින් දූෂණය කළ බවට ඇය විසින් පොලීසියට පවසා ඇති බවයි. මෙම වසර දෙක තුළදී ඇය දෙවරක් ගැබ්ගෙන ඇති අතර සිව්වරක් ඇය විසින් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. පසුව ඇය තම මවට මේ බව පවසා ඇති නමුත් මව පවසා ඇත්තේ ඔවුන් තිදෙනා තමන්ගේම පියා, සහෝදරයා සහ මාමා වන බැවින් එහි කිසිදු වරදක් නොමැති බවත් ඔවුන් පිටපුද්ගලයින් නොවන බවයි. තම මවගෙන් ද විසදුමක් නොලැබීම හේතුවෙන් අදාළ දැරිය විසින් පංති භාර ගුරුතුමියට මේ බව පවසා ඇති නමුත් ඒ පිළිබදව දැනගත් සිය වැඩිමහල් සහෝදරයා එදිනම ඇගේ දෑත ගැටගසා නැවත වරක් දූෂණය කර තිබෙනවා. ඉන් අනතුරුව සිය ජීවිතය පිළිබදව දැඩි කලකිරීමකට ලක්වූ එම දැරිය පාසලේ විදුහල්පතිට පවසා ඇති අතර ඔහු පොලීසිය සමග ඇගේ නිවසටම ගොස් ඇගේ පියා, සහෝදරයා සහ මාමාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories