සහයෝගයට 19 සමඟ 20ත් ඕනේ- ශ්‍රීලනිප

Saturday, 11 April 2015 - 13:23

%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+19+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+20%E0%B6%AD%E0%B7%8A+%E0%B6%95%E0%B6%B1%E0%B7%9A-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%92%E0%B6%B4
19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීමට නම්, නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් වූ 20 වන සංශෝධනය ද එකට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළේ එසේ නොවුණහොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පමණක් එකඟතාවය පළ කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය පවසන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ජනතාවගේ අවශ්‍යතාවක් බවයි. 19 සහ  20 යන සංශෝධන දෙකම එකට ගෙන ඒම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ 20 වන සංශෝධනයක අවශ්‍යතාවය ද පවතින බවයි.

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වැදගත් වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම වැළැක්වීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයක ඇතැම් පිරිස් නිරතව සිටින බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දැක්වීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේත්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට මේ බව තහවුරු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories