Update: අගමැතිට පොඩි මිනිහාගේ දුක දැනෙයි

Saturday, 11 April 2015 - 19:56

Update%3A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වසර 07 කට පසු මාර්තු මාසයේදී මෙරට ජීවන වියදම පහත වැටී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, ඇල්පිටිය නගරයේ ඊයේ (11) පැවති උත්සවයකට එක්වෙමින්. දිවයින පුරා නොමිලේ වයි-ෆයි කලාප ඇති කිරීමේ වැඩසටහනේ තවත් එක් පියරවක් ලෙස ඇල්පිටිය බස් නැවතුම්පොළ ආශ්‍රීත ප්‍රදේශය වයි-ෆයි කලාපයක් බවට පත් කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ජනතාවගේ අතේ මුදල් ගැවසෙන පොඩි මිනිසා ගොඩනංවන ආර්ථිකයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි.

Update : Sunday, 12 April 2015 - 07:07
-----------------------------------------------
රටේ මුදල් පරිහරණය වැඩිවෙලා - අගමැති

තමා අග්‍රාමාත්‍ය ධුරයට පත් සෑම අවස්ථාවකම ජනතාවට සිංහල, දෙමළ අලූත් අවුරුද්ද සතුටින් සැමරීමට හැකි ආර්ථික වටපිටාවක් නිර්මාණය කළ බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, ඇල්පිටිය නගරයේ අද (11) පැවති උත්සවයකට එක්වෙමින්. ඇල්පිටිය බස් නැවතුම්පොළ ආශ්‍රීත ප්‍රදේශය වයි-ෆයි කලාපයක් බවට පත් කිරීම සහ ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ ලබාදීම නිමිත්තෙනුයි  උත්සවය සංවිධාන කර තිබුණේ. එහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ වී, රබර්, තේ මිලදී ගැනීම සඳහා රජය මේ වනවිට රුපියල් මිලියන 12,000 ක මුදලක් වෙන්කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories