Update: 4ක් දොට්ට

Saturday, 11 April 2015 - 19:17

Update%3A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් තමන් ඉවත් කර ඇති බව හිටපු අමාත්‍යවරුන් වන සාලින්ද දිසානායක, ටී.බී.ඒකනායක මෙන්ම එස්.එම්. චන්ද්‍රසේනද ඊයේ (11) පස්වරුවේ ප්‍රකාශ කළා. හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධනද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය අහෝසි කළ බව පවසමින් තමන්ටද ලිපියක් යොමුකර තිබූ බවයි. හිටපු අමාත්‍ය ටී.බී. ඒකානායකද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමන්ටද මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අහෝසි කළ බව පවසමින් ලිපියක් ලැබුණු බවයි.

Update : Sunday, 12 April 2015 - 07:07
------------------------------------------------
බන්දුල,සාලින්ද,එස්.එම්. සහ ටී.බී ට දොර වහයි

එස්.එම්. චන්ද්‍රසේන සහ ටී.බී.ඒකනායක යන හිටපු අමාත්‍යවරුන්ගේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ද අත්හිටුවා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔවුන් ඒ බව තහවුරු කළා.
 
Update : Saturday, 11 April 2015 - 20:47
----------------------------------------------
එරෙහි වූ සාලින්ද සහ බන්දුල ඉවත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් තමන් ඉවත් කර ඇති බව හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ සාලින්ද දිසානායක ප්‍රකාශ කළා. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අද (11) ලැබුණු බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසන සංවිධායකවරයා වන්නේ ද හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධනයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට එරෙහිව ක්‍රියාකිරීම තමා ඉවත් කිරීමට හේතුව ලෙස දක්වා ඇතැයි බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. සාලින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා නිදහස් පක්ෂයේ හිරියාල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා.

 පසුගිය මාර්තු 05 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ප්‍රධාන කරුණු 03 ක් පිළිබඳව සාකච්ඡා  කළ බව එදින හිරු  ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. ජාතික ආණ්ඩුව, මහමැතිවරණය සහ නුගේගොඩ රැළිය පිළිබඳව එහිදී අවධානය යොමුකළ බවයි ඔහු කියා සිටියේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories