බීමත් රියදුරන් 175 දෙනෙකුට වැට

Sunday, 12 April 2015 - 15:19

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+175+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7
අද (12) පෙරවරු හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 175 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනේ සියලූම ප්‍රදේශ ආවරණය වන පරිදි දියත් කර ඇති බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී එම පිරිස පොලිස් භාරයට ගත් බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. ඉන් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් වන අතර, එම සංඛ්‍යාව 91 ක්. මීට බීමත්ව රිය පැදවූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිසට අයත්. ඊයේ පෙරවරු 6 ට ආරම්භ කළ මෙම මෙහෙයුම උත්සව සමය අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories