චන්ද්‍රසේන ලොකු තැනකින් පිහිට පතයි

Sunday, 12 April 2015 - 18:34

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. සාලින්ද දිසානායක, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන සහ බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලිපි මගින් ඊයේ දැනුම් දී තිබුණා.

අනුරාධපුරයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට යාමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories