ශෝක දිනයේදීත් සූදු කෙළපු රේස් බයි රේස් කාරයෝ

Monday, 13 April 2015 - 7:45

%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D
අස්ගිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් රජය ඊයේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබුණත් රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන විවෘතව තබා ඇති බවට තොරතුරු වාර්තා වුණා. දිවයින පුරා සියලූ සුරාසැල් සහ මස් අලෙවිසැල් පමණක් නොව සාමාන්‍ය ව්‍යාපාරික ස්ථාන පවා වසා තැබීමට පියවර ගත්තේ මහනාහිමියන්ට ගෞරව දැක්වීමක් ලෙසටයි. නමුත් ඊයේ (12) දිනය පුරාවට රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන දිවයිනේ බොහෝ ප්‍රදේශවල විවෘත කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදෙන ස්ථාන වසා තබන ලෙසට ඉල්ලීමක් සිදුකළ බවයි.

අස්ගිරි නාහිමියන් වෙනුවෙන් ජාතියම ශෝකය පළ කරද්දී යම් පිරිසක් පමණක් මුදල් සෙවීමේ හුදු පරමාර්ථය මත පිහිටා මෙලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවයි බිංතැන්න පළාතේ උපප්‍රධාන සංඝනායක පූජ්‍ය වේරගොඩ ආනන්ද හිමියන් සඳහන් කළේ.

මේ අතර, රේස් බයි රේස් සූදු මධ්‍යස්ථානවල සිංහල දෙමළ අලූත් අවුරුදු දිනයේදීත් රාජකාරියට වාර්තා කරන ලෙසට ඔවුන්ගේ කළමනාකාරීත්වය සේවකයන්ට දැනුම් දී තිබෙනවා. රජය අද සහ හෙට දෙදින විශේෂ නිවාඩු දිනයක් ලෙසට නම් කර තිබෙන්නේ සිංහල දෙමළ අලූත් අවුරුද්දේ ඇති වැදගත්කම හේතුවෙන්.

පුද්ගලයාත්, සමාජයත් විනාශයට පත්කරන රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන අද මුළු සමාජයම ගිලගත් ව්‍යවසනයක් බවට පත්වී අවසානයි. ජාතික ශෝක දිනයක්වත්, ජාතියේ මංගල්‍යය ලෙස සැලකෙන සිංහල දෙමළ අලූත් අවුරුදු දිනයවත් නොසලකා ක්‍රීයාත්මක වන මහා පරිමාණ සූදු ව්‍යාපාරය සමාජයෙන් ඈත් කිරීමට මේ කාලය නොවේද ?









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories