ශ්‍රී ලංකාවෙන් ලෝකයාටම ආදර්ශයක්

Tuesday, 14 April 2015 - 13:17

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B6%B8+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට සියලූ පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා වැදගත් ප්‍රගතියකට ඉවහල් වන ප්‍රවේශයක් ඇති කිරීමේ පියවර කලක් ගතවී හෝ ගැනීමට ශ්‍රී  ලංකාව සමත්වී ඇති බව ජගත් සංවිධානය පවසනවා.  මෙතෙක් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පසු ඇගයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් කටයුතු කළ යුතු බවයි ජගත් සංවිධානයේ සත්‍යය, යුක්තිය සහ ගැටුම් ප්‍රතිචාර සහතික කිරීමේ විශේෂ නියෝජිත  පැබ්ලෝ ඩි ග්‍රීෆ් ප්‍රකාශ කළේ. පසුගිය මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ ඔහු නිව්යෝක් නුවරදී ඉදිරිපත් කළ වාර්තාවේ ඒ බව සඳහන්.

දීර්ඝකාලීන පරිපූර්ණ ප්‍රතිපත්ති නිසි උපදේශනයන් සහිතව සිදුකළ යුතුයි. සියලූ ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ නතර කිරිමත්, වින්දිතයන්ට සහය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් ඊට ඇතුළත් විය යුතු බවයි ජගත් සංවිධාන නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව සොයා බැලීමට ශ්‍රී  ලංකාව මීට පෙර පත් කළ කොමිෂන් සභා පිළිබඳව ඔහු අදහස් පළ කළා.

ජගත් සංවිධාන විශේෂ නියෝජිත  පැබ්ලෝ ඩි ග්‍රීෆ් කියා සිටියේ  ඇතැම් කොමිෂන් සභා මගින් වැදගත් වාර්තා සහ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. එහෙත් එම නිර්දේශ නිසි ලෙස ක්‍රියාවට නැංවීමට නොහැකිවීම සාමාන්‍ය ලක්ෂණ්‍යක් වී ඇති බව ඔහුගේ අදහසයි. මේ නිසා අදාළ වාර්තා මගින් සත්‍යය, යුක්තිය, ගැටුම් වැළැක්වීම ඇතුලූ අයිතීන් සුරක්ෂිත කිරීමට සහ ජන කොටස් අතර පරතරය පියවීමට හැකියාවක් ලැබී නැහැ. ඒ නිසා එමඟින් රාජ්‍ය ආයතන, පුරවැසියන්ට විස්වසනීයත්වයකින් යුත් ආයතන බවට පත් කිරීමට නොහැකිවී ඇතැයි ජගත් සංවිධාන නියෝජිතයා අවධාරණය කළා.

කෙසේ නමුත් මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී  ලංකාව දරණ ප්‍රයත්නයට ජගත් සංවිධානයේ අඛණ්ඩ සහය පළ වනවා. එමෙන්ම සාර්ථක ලෙස හැසිරවීමෙන් තිරසාර සාමය සාක්ෂාත් කරගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවට, කලාපයට පමණක් නොව ලෝකයටම ආදර්ශයක් සැපයිය හැකි බව ජගත් සංවිධාන විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories