දුර එහෙමයි - ළඟ මෙහෙමයි

Tuesday, 14 April 2015 - 19:17

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%91%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%85%E0%B6%9F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
අලූත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා යොදවා ඇති දුරගමන් සේවා බස් රථ සාර්ථකව ක්‍රියාත්මක වූවත්, ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන කෙටි ගමන්වාර සේවාවල ගැටළු පවතින බව මගී ජනතාව පවසනවා.

අලූත් අවුරුද්දට ගම් පළාත් බලා ගිය ජනතාවට නැවතත් කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ සේවාවක් අද සිට 21 වනදා දක්වා ක්‍රියාත්මක බවයි  ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ. එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් ගමන්වාර 1500 ක පමණ සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.  

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවද ගම් පළාත් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය අවුරුදු සමයේ ජනතාවගේ ගමන් පහසුව සඳහා ක්‍රියාත්මක කර ඇති මෙම දුම්රිය සහ බස් රථ සේවා සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් කරුණු සොයා බැලූවා.

වව්නියාව හිරු වාර්තාකරු සනත් ප්‍රියන්ත සඳහන් කළේ බස් රථ සහ දුම්රිය සේවා වව්නියාව ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.

ඇතැම් ප්‍රදේශවල ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන බස් රථ සේවාවල අඩුවක් දක්නට ඇති බව මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක කියා සිටියා.

කෙසේ වෙතත්, මාතර හිරු වාර්තාකරු ටී.කේ.මහින්ද සඳහන් කළේ මාතර නගරයේ ගැටළුවකින් තොරව බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබූ බවයි.

ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රදේශ කිහිපයක මගී ජනතාවගෙන්ද අදහස් විමසා සිටියා. මේ, ඒ පිළිබඳව අදහස් දැක්වූ මගී ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දුරගමන් සේවා පැවතුනද ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක නගරාන්තර කෙටි ගමන් සේවා නියමිත පරිදි ක්‍රියාත්මක නොවන බවයි.



Update : Wednesday, 15 April 2015 - 18:36
..................................................................



ගමට ගිය අයට කොළඹ එන්නට ක්‍රම හදලා

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක් හෙට (15)  සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව හෙට සිට අමතර දුම්රිය සේවා යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි සාමාන්‍යාධිකාරී විජය අමරතුංග සඳහන් කළේ විශේෂ දුම්රිය සේවා මෙන්ම සාමාන්‍ය දුම්රිය සේවාද හෙට ක්‍රියාත්මක බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා හෙට සිට අමතර බස් රථ සේවා යොදවා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක සඳහන් කළා.

ඒ අනුව හෙට සිට ලබන 21 වනදා දක්වා අමතර බස් රථ ධාවනයට එක්කර ඇති බවයි ඔහු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories