Update: තුන්කල් නුවණ වර්ධනය වන හිසතෙල් ගෑම

Wednesday, 15 April 2015 - 7:28

Update%3A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1++%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%91%E0%B6%B8

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත යෙදී තිබුණේ අද (15) පෙරවරු  9.06 ට යෙදුණු සුබ මොහොතින්.

හිසතෙල් ගෑම තුළින් පුද්ගලයගේ තුන්කල් නුවණ වර්ධනය වන බව ආයුර්වේද පත පොතෙහි සදහන්.
 

හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීම සදහා ජනතාව විශාල වශයෙන් තම ප්‍රදේශවල විහාරස්ථානවලට එක්ව සිටියා.

මේ චාරිත්‍රයේ සජීව විකාශය හිරු ටී.වී. ඉදිරිපත් කළේ කොළඹ-  හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිටයි.


 

Update : Wednesday, 15 April 2015 - 20:56
............................................................

120ට 220ක් ආයුබෝ වේවා...

අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත  අද (15) පූර්ව භාග 09.06 ට යෙදී තිබුණා. ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් මිශ්‍ර  නානුද ගා ස්නානය කිරීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල සඳහන් වුණේ. ඒ අනුව දිවයින පුරා සෑම තැනකම පාහේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදුවූ බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේද හිස තෙල් ගෑමේ චාරිත්‍රය නැකතට සිදු කෙරුණා.  කතරගම කිරි වෙහෙර පුදබිමේ දී ද හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණු බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.   කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වූයේ ගොතටුව කන්දේ පුරාණ මහා විහාරස්ථානයේදියි.

එමෙන්ම පැරණි චාරිත්‍රවාරිත්‍රවලට අනුකූලව ආදිවාසීන්ගේ හිසතෙල් ගෑමේ උත්සවයද අද යෙදී තිබූ සුබ මොහොතින් දඹාන - කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී  සිදුවුනා. මේ අතර පින්නවල අලි අනාථාගාරයේ අලින් 84 දෙනෙකුගේ නැකතට හිස තෙල් ගැල්වීම සිදු කෙරුණා.  

Update : Wednesday, 15 April 2015 - 12:36
............................................................

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්වභාග 09.06ට


අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අදට (15) යෙදී තිබෙනවා. ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්වභාග 09.06 ට යෙදෙන සුබමොහොතින් දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් මිශ්‍ර  නානුද ගා ස්නානය කිරීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල සඳහන් වන්නේ. පුරාණ සිරිතට මුල්තැනදෙමින් නියමිත නැකතට අනුව රට පුරා ජනතාව සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ උදාව ඊයේ (14) අතිඋත්කර්ෂවත් අන්දමින් සැමරුවා.

හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පොලොන්නරුව ජයන්ති විහාරයේදී අද උදෑසන පැවැත්වෙනවා. චාරිත්‍රානුකූලව අදත් ශ්‍රී  දළඳා මාලිගාවේ අලි ඇතුන්ගේ සහ පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් සිය දෙනෙකුගේ හිස තෙල් ගෑමේ උත්සවය සිදුකෙරෙනු ඇති. හිසතෙල් ගැල්වීමෙන් අනතුරුව අලි ඇතුන්ට පළතුරු සංග්‍රහයක්ද පිරිනමන බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර, අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත  22 වන බදාදා පූර්වභාග 06.02 ට යෙදී තිබෙනවා. ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකියා සඳහා පිටත්වීම යෝග්‍ය වන අතර, 23 වන බ්‍රහස්පතින්දා නව සඳ බැලීමට සුදුසු දිනයයි.



















ඡායාරූප - රංජිත් රාජපක්ෂ









ඡායාරූප - අම්බලන්ගොඩ - තුෂාන්ත






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories