Update: නිශාන්ත රණතුංගගෙන් පැය 02ක් ප්‍රශ්න කරයි

Wednesday, 15 April 2015 - 12:35

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+02%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංගගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (15) පැය 02 කට ආසන්න කාලයක් ප්‍රශ්න කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ එම නාළිකාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවූ බවයි.



Update : Wednesday, 15 April 2015 - 18:30
............................................................

නිශාන්ත රණතුංගගෙන් පොලීසිය ප්‍රශ්න කරයි


සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංගගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories