Update: රාගම වැසිකිළි ජල ටැංකියේ මරණය

Wednesday, 15 April 2015 - 15:39

Update%3A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%A7%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
රාගම දුම්රිය ස්ථානයේ පිහිටි ජල ටැංකියකට වැටීමෙන් අද (15) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දුම්රිය ස්ථානයේ පොදු වැසිකිලියට ජලය සපයන ටැංකියට වැටීමෙන් පුද්ගලයා ජිවීතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රදේශයේ සිඟමනේ යෙදුණු පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. ඔහුගේ මෘතදේහය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර, හෙට දිනයේ මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Update : Wednesday, 15 April 2015 - 18:30
............................................................

රාගම ජල ටැංකියකට වැටුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට

රාගම දුම්රිය ස්ථානයේ ජල ටැංකියකට වැටීමෙන් අද (15) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ දුම්රිය ස්ථානයේ පොදු වැසිකිලියට ජලය සපයන ටැංකියට වැටීමෙන් මොහු ජිවීතක්ෂයට පත්ව ඇති බවයි.  ජල ටැංකියට වැටෙන අවස්ථාවේදී මෙම පුද්ගලයා බීමතින් සිටින්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.



Update : Wednesday, 15 April 2015 - 15:56
..............................................................

ජල ටැංකියකට වැටී පුගලයෙකු මරුට

රාගම දුම්රිය ස්ථානයේ ජල ටැංකියකට වැටී පුගලයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.  
වැඩි විස්තර බලාපොරොත්තුවන්න...


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories