නෙළුව ඇළට වැටී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමුවේ

Thursday, 16 April 2015 - 8:49

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B7%85%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
නෙළුව - බටුවන්ගල - කොස්මුල්ල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ඇලකට පෙරලීමෙන් ඊයේ සිට අතුරුදන්ව සිටි 28 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර පොලීසිය අද (16) පෙරවරුවේ සොයා ගත්තා. පොලීසිය සඳහන් කළේ ජලයට වැටුණු ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ පහළ ප්‍රදේශයක තිබියදී ඔහුගේ මළ සිරුර හමුවූ බවයි. මේ වනවිට මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හිනිදුම රෝහල් තැන්පත් කර තිබෙනවා.

Update : Thursday, 16 April 2015 - 8:49
...................................................................................................................................................................

ත්‍රී රෝද රථයක් ඇලකට පෙරලී තරුණයෙක් අතුරුදන්

නෙළුව - බටුවන්ගල - කොස්මුල්ල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ඇලකට පෙරලීමෙන් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. ඊයේ පස්වරු 7 ට පමණ දූවිලි ඇල්ලේ දියනෑමට ගිය තරුණයන් 05 දෙනෙකු රැගත් ත්‍රී රෝද රථයකුයි මෙලෙස අනතුරට ලක්වුණේ. අධික වර්ෂාව පැවතීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, සිද්ධියෙන් 04 දෙනෙකු දිවි ගලවාගෙන තිබෙනවා. අතුරුදන්වූ 28 හැවිරිදි තරුණයා බීමත්ව සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රදේශවාසීන් සහ පොලිසිය මැදිහත් වී අතුරුදන්වූ තරුණයා සෙවීමේ නිිරතවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories