සංක්‍රමණික යාත්‍රාව අනතුරට ලක්වීමට හේතුව හෙළිවේ

Thursday, 16 April 2015 - 9:39

%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
නීතිවිරෝධී සංක්‍රමණිකයන් 400 කට අධික පිරිසක් රැගත් යාත්‍රාවක් ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට ලක්වීමට හේතුව දැන් හෙළිවී තිබෙනවා. ඒ, ජීවිතාරක්ෂක යාත්‍රාවක් ළංවද්දී සංක්‍රමණිකයන් සියල්ල නෞකාවේ එක් පසෙකට පැමිණීමෙන් එහි සමබරතාව ගිලිහීයාමයි. පසුගිය සඳුදා සිදුවූ මෙම අනතුර මධ්‍යධරණී මුහුදේ සිදුවූ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුරක් ලෙස සැළකෙනවා. උතුරු අප්‍රිකාවේ සිට යුරෝපය බලා මුහුදු මාර්ගයෙන් ගමන් ගන්නා නීතිවිරෝධී සංක්‍රමණිකයන් අනතුරට ලක්වීමේ සිද්ධීන් රැසක් පසුගිය කාලය තුළ වාර්තාවුණා.

යුද ගැටුම් සහ දුප්පත්කම නිසා උතුරු අප්‍රිකාවේ සිට ඉතාලියට පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් සංඛ්‍යාව 20 000 කට අධිකයි. පසුගිය වසරේදී එලෙස පැමිණි සංඛ්‍යාව 170 000 ක්. මේ වසරේ ආරම්භයේ සිට මෙම අනතුරුදායක මුහුදු ගමන හේතුවෙන් මියගිය සංඛ්‍යාව 500 කට අධිකයි. පසුගිය සඳුදා සිදුවූ අනතුරත් සමඟ එය 900 දක්වා ඉහළ යනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories