Update: පස්වෙනියත් කාරක සභාවෙන් විසිවෙයි

Thursday, 16 April 2015 - 10:54

Update%3A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ ලිපිය තමා වෙත ලැබී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ.

සාලින්ද දිසානායක, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන සහ බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන්  පසුගියදා ඉවත් කරනු ලැබුවා.

මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කෙරුණු හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ තමන් ඇතුලූ පිරිසක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කළ හිටපු අමාත්‍යවරුන් යළි මධ්‍යම කාරක සභාවට එක්කර ගැනීම සම්බන්ධයෙන්  නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ අවධානය යොමුවී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග මීට පෙර සඳහන් කළා.

Update : Thursday, 16 April 2015 - 12:31
------------------------------------------------------


රෝහිතත් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවතට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ ලිපිය තමා වෙත ලැබී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ. සාලින්ද දිසානායක, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන සහ බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන්  පසුගියදා ඉවත් කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories