සෝමවංශ ජවිපෙන් යයි

Thursday, 16 April 2015 - 16:53

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ එම පක්ෂයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කිරීම අද (16) දවසේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය බවට පත්ව තිබෙනවා. ඔහු පවසන්නේ තමන් නව පක්ෂයක් පිහිටු වන බවයි. අද දවසේ ජනතා විමුක්ති පෙරමුණ පොදු ජනතාවගේ අවශ්‍යතා නියෝජනය නොකිරීම තම ඉවත්වීමට හේතුව ලෙස ඔහු සදහන් කළා.

1971 කැරැල්ලේ සිට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ 1987, 89 අරගලයෙන් පසු දිවි ගලවා ගත් එම පක්ෂයේ එකම දේශපාලන මණ්ඩල සභිකයා වුණා. පසුව විදේශගතව පක්ෂය ගොඩ නැගු ඔහු 1994 දී යළි එම පක්ෂයට ප්‍රසිද්ධ දේශපාලනය පිවිසීමට මංපෙත් විවර කර දුන්නා. දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු වන ඔහු ගත් මෙම දේශපාලන තීන්දුව පිළිබදව විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය ඔහුව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.

තමන්ගේ ඉවත්වීමේ තීන්දුව පිළිබඳව පැහැදිලි කළ සෝමවංශ අමරසිංහ කියා සිටියේ පොදු ජනතාවගේ ආකල්ප හඳුනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අපොහොසත් වී ඇති බවයි. ඒ හේතුවෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව ද ඔහු කියා සිටියා. ඒ වෙනුවෙන් සටන තනි පුද්ගලයෙකු ලෙස හෝ ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories