පක්ෂ නායකයන් රැස්වේ

Friday, 17 April 2015 - 13:57

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
දහනව වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් කතානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. මෙම පනත් කෙටුම්පත මේ මස 20 සහ 21 යන දෙදින තුල විවාදයට ගෙන සම්මත කර ගැනීමටයි ආණ්ඩුව මීට පෙර තීරණය කර තිබුණේ. එහෙත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත ඉදිරිපත් කර නොමැති නිසා 19 වන සංශෝධනය  මෙම දෙදින තුල විවාද කර, සම්මත කර ගැනීම වෙනත් දිනකදී නව මැතිවරණ ක්‍රමයත් සමඟ සිදුකරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා. විසිවන සංශෝධනය ලෙස නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ. මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටයි පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories