තරුණියකගේ අතින් ඇද්ද පොලිස් කොස්තාපල් අත්අඩංගුවේ

Friday, 17 April 2015 - 18:49

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කෑගල්ල පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු බුලත්කොහුපිටිය පොලීසිය අද (17) අත්අඩංගුවට ගත්තා. අදාළ කාන්තාව රැකියාවට පිටත්ව යාම සඳහා කෑගල්ල - උඳුගොඩ - යටිදෑරිය ප්‍රදේශයේදී මාර්ගය අයිනේ  රැදී සිට තිබෙනවා. එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයකින් පැමිණි මෙම පොලිස් කොස්තාපල්වරයා බලහත්කාරයෙන් ඇයගේ අතින් ඇද ඇති බවයි වාර්තා වන්නේ. පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔහු බුලත්කොහුපිටිය පොලීසියට භාර දී තිබෙනවා. ඔහු කෑගල්ල පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන අයෙකු බව හෙළි වී ඇත්තේ ඉන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories