සෝමවංශ අමරසිංහ නව ලාංඡනයක් සොයයි

Saturday, 18 April 2015 - 8:02

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%A1%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ ඊයේ (17) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හමුවුණා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයා කියා සිටියේ නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම පිළිබද එහිදී සාකච්ඡා කළ බවයි. එසේම නව පක්ෂයක් සඳහා සුදුසු ලාංඡන පිළිබදව එහිදී අවධානය යොමු කළ බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, සෝමවංශ අමරසිංහ පක්ෂයෙන් ඉවත්වීමේ තීරණය ප්‍රකාශයට පත්කරන තුරු ඒ පිළිබඳ කිසිවක් දැන සිටියේ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. ඒ, තම හිටපු නායකයාගේ හදිසි ඉවත්වීම පිළිබඳ ඊයේ නිවේදනයක් නිකුත් කරමින්.

එහි දැක්වුණේ ඔහු ගත් තීරණයට පක්ෂය එකඟ නොවන බවයි. සෝමවංශ අමරසිංහ නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීම සඳහා උපරිම ලෙස කටයුතු කරන අතර එය සාර්ථක වනු ඇතැයි සිතන බව ද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර තිබුණා. එවැනි තත්ත්වයක් තුළයි ඔහු නව පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා හමුවී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories