කළුතර පාපැදි සවාරියකත් ගැටුමක් - 4කට තුවාල

Saturday, 18 April 2015 - 8:13

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කළුතර ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයක් සංවිධාන කර තිබූ අවුරුදු උත්සවයක දී ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 4 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (17) දහවල් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබූ අතර පාපැදිකරුවන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති බව සදහන්. තුවාල ලැබූ එක් පුද්ගලයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ කලමුල්ල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් තමන්ට තියුණු ආයුධවලින් පහර දුන් බවයි.

මෙහිදී තුවාල ලැබූ පාපැදිකරුවෙකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories