සදාම් හුසේන්ගේ අවසන් සගයාත් මරුට

Saturday, 18 April 2015 - 9:41

%E0%B7%83%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉරාකයේ අයි.එස්. සටන්කාමීන් පණ ගැන්වීමට කටයුතු කළ සදාම් හුසේන් යුගයේ අවසන් සන්නද්ධ නායකයා ගැටුමකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉසාට් ඊබ්‍රහිම් අල් - ඩූරි නමැති  මොහු සදාම් හුසේන්ගේ දකුණත ලෙසයි සැලකුණේ. බැග්ඩෑඩයට උතුරෙන් වූ සලෙහුඞීන් ප්‍රාන්තයේ සිදුකළ ඉරාක හමුදා මෙහෙයුමකදී ඔහු මිය ගිය බව දැන් වාර්තා වනවා. කෙසේ නමුත්, මළ සිරුරේ කොටස් බැග්ඩෑඞ් නුවර දී ඞී.එන්.ඒ. පරීක්ෂාවකට ලක් කෙරෙන්නේ ඒ බව තහවුරු කර ගැනීමටයි. 2003 වසරේදී ඇමරිකානු හමුදා මගින් සදාම් හුසේන් බලයෙන් පහ කිරීමෙන් පසු 72 හැවිරිදි ඩූරිගේ හිසට විශාල මුදලක් පිරිනමන බව ප්‍රකාශයට පත් කෙරුණා. සදාම් හුසේන්ට 2006 වසරේදී මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණු අතර ඩූරි අත්අඩංගුවට ගැනීමට ඉරාක හමුදා මෙතෙක් අපොහොසත් වුණා. ඊබ්‍රහිම් අල් - ඩූරි සදාම් හුසේන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස ද සැලකුණු බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඔහුගේ මරණය ඉරාකය තුළ අයි.එස්. සටන්කාමීන්ගේ පසුබෑමකට හේතු වනු ඇති බව ආරක්ෂක විචාරකයන්ගේ අදහසයි. අයි.එස්.වරුන් මේ වන විට ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක බලය පතුරුවා සිටිනවා. එහෙත් පසුගිය සති කිහිපය තුළ ඇමරිකානු ගුවන් ප්‍රහාරවල සහායෙන් ඉරාක හමුදා එම ප්‍රදේශවලින් 25%ක පමණ යළි අත්පත් කර ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories