ජයන්ත ධනපාල ජගත් මහලේකම් ධුරය අහිමි කළේ මහින්ද ද?

Saturday, 18 April 2015 - 13:28

%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B0%E0%B6%B1%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%3F
2006 වසරේදී ශ්‍රී ලංකාවේ ජයන්ත ධනපාල අභිබවා දකුණු කොරියාවේ බෑන් කී මූන් ජගත් සංවිධාන මහලේකම් ධුරයට පත් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය ලබා ගත් බව දකුණු කොරියානු ප්‍රකට ව්‍යාපාරිකයෙකු ප්‍රකාශ කර තිබෙනවා. කියන්නෑම් ව්‍යාපාරයේ හිටපු සභාපති සුන් වොන් ජොං මේ  සඳහා පෞද්ගලිකව මැදිහත් වී ඇති බව කොරියානු පුවත්පතක් හෙළිදරව් කළා. කියැන්නෑම් හිටපු සභාපතිවරයා පසුගිය අප්‍රේල් 9 වන දා සැක කටයුතු ලෙස මිය ගොස් සිටි අතර ඔහු දිවි නසා ගෙන ඇති බවට ද මතයක් පළ වනවා.

කොරියානු පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ 2006 වසරේදී ජගත් මහලේකම් ධුරය සඳහා පැවති තරඟයෙන් ජයන්ත ධනපාල ඉවත් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කළ බවයි. ඒ සඳහා ඔහු පෙළඹවීමට කියන්නෑම් හිටපු සභාපතිවරයා කටයුතු කළ බව කොරියානු පුවත්පත සඳහන් කළා. ජගත් මහලේකම් ධුරය සඳහා පැවැති තරඟයේදී ශ්‍රී ලංකා අපේක්ෂක ජයන්ත ධනපාල බෑන් කී මූන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි කොරියානු පුවත්පත වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories