දක්ෂිණ දුම්රිය මාර්ගයට වැඩියෙන් වියදම් කළේ නෑ - චීනය

Saturday, 18 April 2015 - 13:48

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA
මෙරට දක්ෂිණ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා උතුරු දුම්රිය මාර්ග ව්‍යාපෘතියට වඩා වැඩි මුදලක් වැය කළ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය ප්‍රතික්ෂේප කරනවා. අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ චීන ඉංජිනේරු සමාගම උපුටා දක්වමින් චීන වාණිජ මණ්ඩලය ඒ බව සදහන් කළේ යැයි ෂින්හුවා ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. එහිදී චීන වාණිජ මණ්ඩලය පෙන්වා දෙන්නේ උතුරු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය කලින් පැවති දුම්රිය මාර්ගයේ පදනම මත ඉදිකරන ලද්දක් බවයි. එහිදී මාර්ගයේ පදනම යළි සැකසීමට අවශ්‍ය වූයේ නැහැ. එහෙත් වගුරු බිම්, ගංඟා සහ ජලාශ හරහා දකුණුදිග දුම්රිය මාර්ගය තැනීමට සිදුවුණා. එහිදී පාලම්, බෝක්කු, උමං මාර්ග, දුම්රිය ස්ථාන සහ කිලෝමීටර් 30.08ක දුම්රිය මාර්ගය තැනීමට අදාළ මුදල වැය කර තිබෙනවා. ඒ සදහා චීන සමාගම සහ මෙරට ප්‍රවාහන අමාත්‍යාංශය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති බව ද චීන වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ව්‍යාපෘතියේ වියදම අවම කරලීම සඳහා මෙරට ප්‍රවාහන අමාත්‍යාංශ නියෝජිතයන් උපරිම උත්සාහය දැරූ බව එමගින් වැඩිදුරටත් කියා සිටියා. ඉහළ ප්‍රමිතිය සහ සාපේක්ෂව අඩු වියදම හේතුවෙන් ශ්‍රී ලංකාව අදාළ ව්‍යාපෘතිය සදහා චීනය වෙත යොමු වූ බවයි චීන වාණිජ මණ්ඩලය පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories