Update: හිමි නමක් විහාරස්ථානයේ එල්ලෙයි

Saturday, 18 April 2015 - 16:27

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92

බදුල්ල - හාලිඇල විහාරස්ථානයක හිමි නමක් ගෙළ වැළලාගෙන සිය  දිවි හානි කරගෙන තිබෙනවා. හාලිඇල - උඩකොහුවිල - ලන්දෙවෙල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ගබඩා කාමරයක් තුළදී 18 හැවිරිදි මෙම හිමි නම සිය දිවි හානි කරගෙන ඇති බවයි බදුල්ල පොලීසිය ප්‍රකාශ කළේ. සිය දිවි හානි කර ගන්නා බවට සටහනක් තැබූ ලිපියක් ද හමුවී ඇති අතර හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි බදුල්ල පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙම හිමිනම හාලිඇල ප්‍රදේශයේම වෙනත් විහාරස්ථානයක වාසය කර ඇති අතර හාලිඇල - ලන්දෙවෙල විහාරස්ථානයට පැමිණ ඇත්තේ ඊයේ පස්වරුවේයි. අනතුරුව ඊයේ (17) රාත්‍රියේ ගෙළ වැළලාගෙන සිටියදී හිමිනමගේ සිරුර ප්‍රදේශවාසීන්ට හමුවී තිබෙනවා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories