වික්‍රමාරච්චි සිසුන්ගෙන් පොලීසියට චෝදනා

Saturday, 18 April 2015 - 19:11

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යා ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ තමන්ට පොලීසිය පහර දුන් බව එම විද්‍යායතනයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමය චෝදනා කරනවා. වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින් එහි වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් ඊයේ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකර විරෝධතාවයක් ආරම්භ කළා. එහිදී පොලීසිය පැමිණ පහර දී එම ස්ථානයෙන් සිසුන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ උප ලේකම් සුජිත් දිසානායක ප්‍රකාශ කළේ. ඔහු සදහන් කළේ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නව අධ්‍යක්ෂවරයා අත්තනෝමතික ලෙස කටයුතු කරමින් තමන්ගේ නේවාසිකාගාර වසා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම විරෝධතාවය සිදුකළ බවයි.

වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ද විමසීමක් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ පදික වේදිකාව අවහිර වන ලෙස ඉදිකර තිබූ අට්ටාලය ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති බවයි. කිසිදු අයුරකින් සිසුන්ට පහරදීමක් සිදුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories