චීන - ශ්‍රී ලංකා හමුදා සහයෝගීතාව ගැන සාකච්ඡා

Sunday, 19 April 2015 - 7:42

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැං ලිං මෙරට හමුදාපති ලූතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ඞී සිල්වා සමඟ සාකච්ඡාවකට එක්වී තිබෙනවා. යුද හමුදා මූලස්ථානයේ පසුගිය සිකුරාදා පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශවික හමුදාමය සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරුව බවයි යුද හමුදා වෙබ් අඩවිය සඳහන් කළේ. එහිදී චීන තානාපතිවරයා සහ යුදහමුදාපතිවරයා සිහිවටන ඵලකද හුවමාරු කරගත්තා. ඔවුන් අතර පැවති සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවී ඇත්තේ මහජන චීන හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර වර්තමානයේ පවතින සහයෝගීතාව සහ පුහුණු වැඩසටහන් පිළිබඳවයි. යුද හමුදා ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ යුද නාවික සහ ගුවන් කටයුතු පිළිබඳ කොන්සල්වරයාද එම සාකච්ඡාවට එක්වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories