19 ගැන ශ්‍රී.ල.නි.ප. අවසන් තීන්දුව අද

Sunday, 19 April 2015 - 8:22

19+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4.+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (19) සවස් වනවිට  අවසන් තීරණයක් ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා සඳහන් කළේ 20 වන සංශෝධනයද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 19 සහ 20 සංශෝධන දෙකටම එකවර ඡන්දය විමසීම වඩාත් යෝග්‍ය වනු ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් සඳහා අද කැඳවා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කරන මැයි දිනයට සහභාගිවීමේ අවශ්‍යතාව පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහායි.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගිවන ලෙස පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පසුගියදා ආරාධනා කළා. කෙසේ වෙතත් ඊට හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර ඔහු වෙනත් මැයි රැළියකට සහභාගි වනු ඇති බවටද රාවයක් පැතිර ගියා.

කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබුණා. එහිදී මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයාගේ අදහස වී තිබුනේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියකට හෝ වෙනත් මැයි රැලියකට සහභාගිවීමට අදහස් නොකරන බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories