ශ්‍රී ලංකාව කිසිදු රටකට ගැති නැහැ - අගමැති

Sunday, 19 April 2015 - 13:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
මෙරට විදේශ ප්‍රතිපත්තිය කිසිදු එක් පාර්ශවයකට යොමු වූවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එය ඉන්දියාව වෙත හෝ චීනය වෙත නැඹුරු වූ ප්‍රතිපත්තියක් නොවේ. ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාව සළකා විදේශයන් සමග කටයුතු කිරීම නව රජයේ ප්‍රතිපත්තියයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුරයි. එහිදී වාර්තාකරුවන් වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ඉදිරියට වර්ධනය කළ යුතු බවයි. දෙරටේ රාජ්‍ය නායකයින්ගේ සංචාරවලින් ඒ සඳහා පදනම සකස් වී තිබෙනවා. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි පුන්නත්තුර්කෝට්ට අලි රක්ෂිතය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කළා. ඒ සඳහා මෙරට විශේෂඥ කණ්ඩායමක් නුදුරේදීම ඉන්දියාව බලා යනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories