Update: මධ්‍යධරණී මුහුදේ දී සංක්‍රමණිකයන් 700ක් රැගත් යාත්‍රාවක් ගිලීයයි

Sunday, 19 April 2015 - 15:14

Update%3A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B0%E0%B6%BB%E0%B6%AB%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+700%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී සංක්‍රමණිකයන් 700 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් තවත් යාත්‍රාවක් ඊයේ මැදියම් රැයේ මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක්වී තිබෙනවා. ඉතාලි වෙරළාරක්ෂකයන් පවසන පරිදි මෙතෙක් බේරාගැනීමට හැකිවී ඇත්තේ එහි සිටි 28 දෙනෙකු පමණයි. ලිබියාවට උතුරෙන් සහ ඉතාලියේ ලම්පෙඩූසා දිවයිනට දකුණෙන් වූ මුහුදු ප්‍රදේශයකදී මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති අතර, යාත්‍රාව ලිබියාවේ සිට පැමිණි බව දැන් තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත්,  ඉතාලි සහ මෝල්ටා නාවික හමුදා යාත්‍රා මේ වන විටත් ජීවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව සදහන්. යාත්‍රාවේ සමබරතාවය බිදී යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට දැනට සැක කෙරෙනවා.

Update: Sunday, 19 April 2015 - 08:18 PM
.....................................................................................
මධ්‍යධරණී මුහුදේ තවත් සංක්‍රමණික යාත්‍රාවක් ගිලේ

නීතිවිරෝධී සංක්‍රමණිකයන් 700 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් තවත් යාත්‍රාවක් ඊයේ මැදියම් රැයේ මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක්වී තිබෙනවා. ඉතාලි වෙරළාරක්ෂකයන් පවසන පරිදි මෙතෙක් බේරාගැනීමට හැකිවී ඇත්තේ එහි සිටි 28 දෙනෙකු පමණයි. ලිබියාවට උතුරෙන් සහ ඉතාලියේ ලම්පෙඩූසා දිවයිනට දකුණෙන් වූ මුහුදු ප්‍රදේශයකදී මෙම යාත්‍රාව අනතුරට ලක්වූ බව සඳහන්. ඉතාලි සහ මෝල්ටා නාවික හමුදා යාත්‍රා ජීවිතාරක්ෂක මෙහෙයුමට එක්ව සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories