මටයි පවුලේ අයටයි රටවල්වල රහසිගත ගිණුම් නැහැ - හිටපු ජනපති

Sunday, 19 April 2015 - 19:15

%E0%B6%B8%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තමන්ට, තම බිරිඳට හෝ දරුවන්ට කිසිඳු විදේශීය බැංකුවක නීතිවිරෝධී රහසිගත ගිණුම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ එවැනි ගිණුම් තිබුණේ නම්, ඒවායේ තොරතුරු හෙළි කිරීමට මෙතරම් කාලයක් ගත නොවන බවයි.

තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට ඇමරිකානු ඩොලර්  මිලියන ගණනක් තැන්පත් කළ රහසිගත සහ නීතිවිරෝධී විදේශීය බැංකු ගිණුම් පවතින බවට වත්මන් ආණ්ඩුවේ වගකිව යුත්තන් කලක සිට විවිධ ප්‍රචාර සිදුකරන බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. උපක්‍රමිකව ඊට අදාළ පුවත් නැවත නැවත අලූත් කරන ප්‍රවණතාවක් ද පවතින බව ඔහු සදහන් කරන්නේ ඊට උදාහරණ ද දක්වමින්. එවැනි පුවත්වලට අමතරව වාචිකව ගෙන යන අවලාද ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ සදහන්. එම නිසා මෙවැනි පදනමක් නැති චෝදනා දේශපාලන මෙවලමක් ලෙස භාවිත කරන බවටයි ඔහු චෝදනා කරන්නේ.
 
මේ වන විට මුදල් විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැනි කරුණු ගැන සුවිශේෂී අවධානයක් පවතිනවා. එම නිසා ඩොලර් මිලියන ගනණක් සහිත ගිණුම් එලෙස සඟවා තබා ගත නොහැකි බව මූල්‍ය ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ඇති සියලූ දෙනා දන්නා බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories