නිදහස් පක්ෂයේ යෝජනාවලට සුළු පක්ෂවල විරෝධය

Monday, 20 April 2015 - 8:25

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ආ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය පිළිබඳ යෝජනාවලියට සුළු දේශපාලන පක්ෂ විරුද්ධ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. සුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගේ එකතුවෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියා. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ  නිදහස් පක්ෂයට පමණක් මැතිවරණ සංශෝධන සකස් කිරීමට හැකියාවක් නොමැති බවයි. අනෙකුත් පක්ෂවලටද අවස්ථාවක් ලබාදිය යුතු බව ඔහු එහිදී කියා සිටියා.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඊට එක්ව සිටි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ  මැතිවරණ ක්‍රමය  සංශෝධනය පිළිබඳ යෝජනාවලියක් සකස් කිරීම සඳහා සුළු පක්ෂවලින් සමන්විත කමිටුවක් පිහිටුවාගත් බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories