ශෂී වීරවංශගෙන් අල්ලස් කොමිසම පැය 8ක් තිස්සේ ප්‍රශ්න කරයි

Monday, 20 April 2015 - 17:28

%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තම බිරිඳ වන ශෂී වීරවංශගෙන් පැය 8ක කාලයක් පුරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රශ්න කරමින් සිටින බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු සදහන් කළේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පෙරවරු 9.30ට තම බිරිඳ කැදවූ බවයි.

අවිධිමත් ලෙස සකස් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශෂී වීරවංශ අත්අඩංගුවට ගත්තේ පසුගිය 22 වැනිදායි. ඉන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ පෙබරවාරි මස 27 වන දින දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා.

මේ අතර, හිටපු ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු ඔහුගේ පවුලේ 9 දෙනෙකුගේ සහ ඔවුන්ට අයත් සමාගම් 4ක බැංකු සහ මූල්‍ය ආයතන 81ක ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගාමිණී සෙනරත් ඇතුළු පවුලේ සාමාජිකයන් අයථා ලෙස මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ මේ වන විට විමර්ශනයක් පැවැත්වෙන බැවින් ඒ සඳහා අදාළ බැංකු සහ මූල්‍ය ආයතනවල සහාය අවශ්‍ය වන බවයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අදාළ බැංකු සහ මූල්‍ය ආයතනවල කළමනාකරුවන්ට මෙම විමර්ශන සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසට ද නියෝග කරනු ලැබුවා. ඒ අනුව ඔවුන්ගේ බැංකු ගිණුම් ආරම්භ කළ දිනයේ සිට 2015 අප්‍රේල් 15 වන දා දක්වා කාලසීමාව තුළ අදාළ ගිණුම් පරීක්ෂා කිරීමටයි අධිකරණය මෙලෙස අද අවසර ලබාදී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories