විපක්ෂ නායක 19ත් සමඟ 20ත් ඉල්ලයි. - 19 සම්මත කර ගැනීම ව්‍යාකූලයි. - ජ.වි.පෙ

Monday, 20 April 2015 - 19:38

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+19%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+20%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.+-+19+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99
19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය වෙනස් කෙරෙන 20 වන සංශෝධනය එකවර ගෙන ආ යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී දැඩි ලෙස අවධාරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම තත්ත්වයත් සමඟ 19 වන සංශෝධනය සම්මත කර ගැනීම ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවයි.

මෙම පක්ෂ නායක රැස්වීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයන්ට අනුව 19 වන සංශෝධනයට අලූතින් ගෙන එනු ලැබූ සංශෝධන අග්‍රාමාත්‍යවරයා විසින් පක්ෂ නායකයින්ට ඉදිරිපත් කළ බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ඊයේ පැවැති පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී 19 සහ 20 වන සංශෝධන එකවර ගෙන ආ යුතු බවට තීරණයක් ගෙන තිබූ බවයි.

කෙසේ වෙතත්, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ 19 වන සංශෝධනයට සහයෝගය නොදෙන පුද්ගලයින් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories