Update: මවයි සහෝදරියි මරපු පුතු අල්ලයි

Monday, 20 April 2015 - 20:08

Update%3A+%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොත්මලේ - පූඩළුඔය - ඩන්සිකන් - අක්කරකන්ද ප්‍රදේශයේ නිවසක් තුළ මව සහ සහෝදරිය ඝාතනය කර ප්‍රදේශය අතහැර පළා ගිය පුත්‍රයා තලවකැළේ ප්‍රදේශයේදී අද (21) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. තේ ගස් කැපීමට යොදා ගන්නා පිහියක් භාවිතා කරමිනුයි අදාළ පුත්‍රයා ඊයේ අලූයම මෙම ඝාතනය සිදුකර තිබුණේ. ඝාතනයට යොදා ගත් පිහිය සහ ඇද සිටි ඇඳුම් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. සැකකරු අද නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Update : Monday, 20 April 2015 - 20:08
.....................................................................................................................................................

පලා ගිය පුතු සොයා තවදුරටත් මෙහෙයුම්

කොත්මලේ - පූඩළුඔය - ඩන්සිකන් - අක්කරකන්ද ප්‍රදේශයේ නිවසක් තුළ මව සහ සහෝදරිය ඝාතනය කර ප්‍රදේශය අතහැර පළා ගිය පුත්‍රයා සොයා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අද අලූයම තේ ගස් කැපීමට යොදා ගන්නා පිහියක් භාවිතා කරමිනුයි අදාළ පුත්‍රයා මෙම ඝාතනය සිදුකර තිබුණේ. මිය ගිය මවගේ වයස අවුරුදු 52ක් වන අතර සහෝදරියගේ වයස අවුරුදු 29ක්. ඔවුන්ගේ මෘත ශරීර මේ වන විට නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර, බම්බලපිටිය - ශාන්ත පීටර් විද්‍යාලයේ කාමරයක් තුළ තිබියදී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.



මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :

අම්මයි සහෝදරියි මරපු නරුම පුතා පැනලා යයි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories