19 ඉදිරිපත් කරන්න ජනපති කැමති වෙයි

Tuesday, 21 April 2015 - 8:00

19+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
19 වන ව්‍යවස්ථා සංශෝධනය අද (21) දිනයේ පාර්ලිමේන්තුවේ විවාද කර හෙට දිනයේ ජන්ද විමසීම සිදුකිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය කබීර් හෂිම්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් ඊයේ රාත්‍රීයේ ජනාධිපතිවරයා හමුවුණා. එහිදී මෙම එකඟතාවය පළ වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් කියා සිටියේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා 19 සහ 20 වන සංශෝධන එකවර ගෙන ආ යුතු බවට දැඩි ස්ථාවරයක සිටියා. මෙම තත්ත්වයත් සමඟ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ව්‍යාකූලභාවයක් මතු වුණා.

එම තත්ත්වයත් සමඟයි ඊයේ රාත්‍රියේ පක්ෂ නායකයන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories